Photoshop ගැන
මීට වසර 25 කට පමණ පෙර Photoshop නිර්මාණය කරේ Thomas සහ John Knoll යන දෙදෙනා විසින්. මේ වෙන විට භාෂා 25 කින් පමණ photoshop තිබෙන අතර මෙය මිල අධික Software එකක් ලෙස සලකන්න පුළුවන්. මෙම ලිපිය ලියන අවස්ථාවේ Photoshop Single App එකක් මිල US$239.88(per year). එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 40,000 කට වැඩි මුදලකි(වසරකට).
Photoshop Sinhala Tutorials
අන්තරජාලයේ ඇති නොමිලේම ඉගනගන්න පුළුවන් Photoshop Tutorials තිබෙන බ්ලොග් ,වෙබ් අඩවි සහ YouTube Channels ගැන පහලින් ඔබට කියවන්න පුළුවන්.
1. Gurulk : Photoshop ගැන Video Tutorials 60කට අධික ගණනක් ඇති නමුත් ඇත්තේ පරණ සංස්කරණයන්ට අදාල Videos. නමුත් Photoshop ඉගන ගන්න ඒ Videos නිර්දේශ කරන්න පුළුවන්.
2. SLPhotoTutorial: SLPhotoTutorial යනු subscribers 75,000 කට වඩා වැඩි ශ්‍රී ලංකාවේ ජනප්‍රියම YouTube channel එකක්. Photoshop ගැන Sinhala Videos 47 ක් ඔහුගේ channel එකේ තියෙනවා.
3. CREATIVEART LK: Sinhala Photoshop Tutorials 32ක් මේ වන විට මෙම channel එකේ ඇත. ඒවා Phoshop Basic Tutorials සහ Photoshop Advanced Tutorials ලෙස වෙන් කර ඇත.
මෙම ලිපියට Photoshop Sinhala eBook (pdf) කිහිපයක් එකතු කීරීමට සිටියත් එය සොයාගැනීමට හැකි උනේ නා. ඔබ සතුව Photoshop Sinhala Lessons PDF ඇත්නම් අපට එවන්න.
Photoshop ඉගෙන ගැනීමට කොතරම් කාලයක් ගතවෙයිද?
ඉගෙන ගැනීම කියන එක කවදාවත් ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔබ කොතරම් ඉගෙන ගත්තත් ඔබට තව ඉගෙන ගණන් දේවල් තියනවා. Photoshop වලටත් එය ඒ විදියටම අදාලයි. නමුත් ඔබට අවම වශයෙන් දවසකට පැය දෙක බැගින් අඩුම මාස දෙකක් Photoshop ඉගෙන ගන්නා ගමන් පුහුණු වෙන්න පුළුවන් නම් Photoshop වලින් ඕනෙම ආකාරයක නිරමාණයක් කිරීමේ හැකියාව ලබාගන්න පුළුවන්. නමුත් ඔබ මතක තබා ගත යුතු කරනවා වන්නේ Photoshop වැනි දෙයක් ඉගෙන ගත්ත සැනින් එහි ප්‍රවීනයෙක් වීම අපහසුය. ඔබ ඒ සදහා පුහුණු වීම් කිරීම අත්‍යවශය. ඔබ Photoshop වලට අකමැතිනම් Adobe Photoshop වෙනුවට භාවිතා කල හැකි තව Software විශාල ප්‍රමාණයකුත් තිබෙනවා.
0 Comments